Replacing the son

Admin August 15, 2021 5:27 PM HUMOUR

The Chairman of a leading company had only one son who was the company’s Managing Director.

The son suddenly died at a young age, following an accident, plunging the whole company into anguish.

All grieving staff members and directors mourned the sudden death of their MD, but a few determined young directors were eyeing for the post of MD.

Those young directors while sympathising with the Chairman over the loss of his son, gave a hint or two about their keenness to accept the post of MD.

But at the funeral parlour, one ambitious young director summoned enough courage to boldly ask the chairman whether he could take the place of his demised son.

The chairman said: “I can’t tell you off hand. But I will check with the undertakers. If they are ok with it, I have no objection.”

පුතාගෙ තැන ගැනීම 

එක්තරා සමාගමක සභාපතිට හිටිය එකම පුතා එම ආයතනයේ කලමනාකාර අධ්‍යක්ෂක ලෙස කටයුතු කළා. ඒත් ඒ තරුණයා  දවසක් හදිසියේ මිය ගියා. මේ පුවත ඇසූ හැමෝම බලවත් කම්පාවට පත් වුණා. 

ඒත් අධ්‍යක්ෂක මණ්ඩලයේ සිටි තරුණ අධ්‍යක්ෂක වරු කීප දෙනෙක් මේ අවස්ථාවේ ඇහැ ගහගෙන හිටියෙ අර කලමණාකාර අධ්‍යක්ෂක තනතුරට. ඒ අය සභාපති තුමාට සංවේගය පළ කලෙත් මේ තනතුර ඔලුවෙ තියාගෙන. ඒත් එක් අධ්‍යක්ෂක වරයෙක් කෙලින්ම මේ ගැන සභාපති තුමාගෙන් ඇහුවලු මල් ශාලාව ඇතුලෙම සිය සංවේගය පළ කරන ගමන්.

"අපිට මේ වගේ දක්ෂ තරුණ බොස් කෙනෙක් නැති වීම විශාල පාඩුවක්. සර් මට බැරිවෙයිද පුතාගෙ තැන ගන්න..?" 

සභාපති: "පුතාගෙ තැන ගන්න නේද? මට නම් හරියටම කියන්න බැහැ. මල් ශාලාවෙ ලොක්කත් එක්ක කතා කරලා බලන්නම්. ඒගොල්ලො කැමති වුනොත් ගැටලුවක් නැහැ. ආදාහනය හෙට නෙ..." 

🤣

 

Comments

Nelu August 15, 2021
😅

Recent Post